සබරගමු විශ්වවිද්‍යාලයේ අලුතෙන් ඉදිකළ නේවාසිකාගාර නැරඹීම සඳහා ලබන සිකුරාදා (24දා) පැමිණෙන්නැයි පළමු වසරේ සියලු සිසුන්ගේ මවුපියන්ට දැනුම්දීමට විශ්වවිද්‍යාල පරිපාලනය තීරණ කර තිබේ.
අලුත් නේවාසිකාගාර සම්බන්ධව ශිෂ්‍යයන් නොයෙක් අදහස් පළකරන බැවින් මවුපියන්ට ඒවා දැක බලාගෙන එහි සත්‍ය තත්ත්වය අවබෝධ කරගත හැකිවනු ඇතැයි පාලනාධිකරණය පවසයි.
ඒ අනුව විශේෂිත ඉංජිනේරු කණ්ඩායමක් සමග අදාළ නිරීක්ෂණ කටයුතු සිදුකිරීමට අද (20දා) සවස තීරණයකට එළඹ තිබිණි.