මුද්‍රණ ගාස්තු ඉහළ යාම හේතුවෙන් විජයපුවත් පත් සමාගමේ 'අද' පුවත්පතේ අලෙවි මිල රුපියල් 10 සිට රුපියල් 20 දක්වා වැඩිකිරීමට තීරණය කර තිබේ.
පුවත්පතේ මිල වැඩිකිරිමට සාපෙක්ෂව එහි පිටු සංඛ්‍යා වේද වැඩිකිරීමක් සිදුවන අතර සඳුදා ඔබ අතට පත්වන පුවත්පතේ පිටු සංඛ්‍යාව 20ක් වෙනු ඇත.
ඒ අනුව අද පුවත්පත පිටු සංඛ්‍යාව පිටු 4කි ඉහළ නංවා තිබේ. අපගේ සහෝදර පුවත්පත වන 'ලංකාදීප' පුවත්පතද සඳුදා සිට අලෙවි වන්නේ රුපියල් 30ක මුදලකටය.