එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂවලට ජාතික ලැයිස්තු නියෝජනයක් ලබා නොදීම හේතුවෙන් එම පක්ෂ අධිකරණ ක්‍රියාමාර්ගවලට පිවිසීමට තීරණය කර තිබේ.
ඒ අනුව එජනිසය නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ මේ සඳහා ඉදිරිපත් වී සිටින දේශපාලන පක්ෂ වෙයි.
නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (23දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ පිළිබඳව සඳහන් කළ මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් එජනිස ජාතික ලැයිස්තු නාමලේඛනයට ඇතුළත් කර සිටි සෝමවීර චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ,
එම සන්ධානයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේම්ජයන්ත මහතා මහා පාවාදීමක් සිදුකර ඇති බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළ අවස්ථාවේ සිට එම පක්ෂය සමග කටයුතු කළ දේශපාලන පක්ෂවලට පවා නියෝජනයක් ලබා නොදී පරාජිත අපේක්ෂකයන්ගේ ලැයිස්තුවකට අත්සන් යෙදීමෙන් ප්‍රේම්ජයන්ත මහතා මෙසේ පාවාදීමක් කර තිබෙන බවත්, මෙම තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට සහ ජනතා පෙළගැස්වීම්වලට පිවිසෙන බවත් චන්ද්‍රසිරි මහතා පවසා සිටියේය.
මීට අමතරව විවිධ වෘත්තීන් නියෝජනය වන ලෙස සන්ධාන ලැයිස්තුවට ඇතුළත් කර තිබූ නම් ඉවත් කිරීම සම්බන්ධව වෘත්තීය සමිති සහ විවිධ ක්ෂේත්රවලින් විරෝධය පළ වී තිබෙන බව පැවසූ ඒ මහතා එම සියලු දෙනා තමන්ගේ වැඩපිළිවෙළට සහය දක්වන බවද සඳහන් කළේය.