ඒක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැළිය සාර්ථක කර ගැනීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග දේශපාලන පක්ෂ රැසක් එක්ව තිබෙන බව ජනපති මාධ්‍ය අංශය කියයි.
ඊළාම් මහජන ප්රජාතන්ත්රවාදී පක්ෂය (EPDP), ලංකා කම්කරු කොංග්‍රසය, ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්‍රසය, මුස්ලිම් ජාතික කොංග්‍රසය, ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ, නව සිහල උරුමය, කම්කරු පක්ෂය, ලිබරල් පක්ෂය, එක්සත් ලංකා පොදුජන පක්ෂය යන පක්ෂ මෙසේ සන්ධාන මැයි රැළියට එක්වීමට නියමිතය.
එම පක්ෂ නියෝජිතයින් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක්ද ඊයේ පවත්වා තිබේ.