ජාතික ආණ්ඩුවට සහාය දැක්වීමට සන්ධානය නියෝජනය කරන නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 70ක් පමණ සහාය දක්වන බව ජාතික ලැයිස්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවැසීය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය. සන්ධානයේ මන්ත්‍රීවරු සංඛ්‍යාව 96කි. කෙසේ වෙතත් සන්ධානයේ මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා විමල් වීරවංශ එයට සහාය නොදක්වයි.