එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි ප්‍රසාද මන්ත්‍රී ධුර හතර නම් කිරීමට අද රැස් වූ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
ඒ අනුව බස්නාහිර පළාත් සභාවේ සන්ධානයට හිමිව තිබූ ප්‍රසාද මන්ත්‍රී ධුර කොළඹ දිස්ත්‍රික්කයෙන් නවුසර් ෆවුසිටත්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලලන්ත ගුණසේකරටත් ලබා දී තිබේ.
දකුණු පළාත් සභාවේදී සන්ධානයට හිමිව තිබූ ප්‍රසාද මන්ත්‍රී ධුර දෙක ගාල්ල දිස්ත්‍රික්කයෙන් දුල්ෂාන් කාරියවසම්ටත්, හම්බන්තොටින් ආනන්ද පතිරණගේටත් ලබා දී තිබේ.