මුල මැද අග නැති මැතිවරණ ව්‍යාපාරයක යෙදී සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයට එල්ලීමට ඇති එකම වැල බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසුවේය.
අද (12දා) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානය කූඨ ලේඛන සකසමින් මැතිවරණයේ ජය තහවුරු කර ගැනීමට උත්සාහයක යෙදෙන බවයි.
“මනූෂ නානායක්කාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, තිස්ස අත්තනායක අංක 2 බවට පත්කරමින් කූඨ ලේඛනයක් සකසා මාධ්‍යයට ඉදිරිපත් කිරීමක් පිළිබඳ පොලීසියට පැමිණිලි කළ බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.