බස්නාහිර පළාත් සභා මැතිවරණයට සමගාමීව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමේ නායකත්වය ජාතික හෙළ උරුමය නියෝජනය කරන හිටපු පළාත් සභා අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මහතා වෙත ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. මෙය කණ්ඩායම් නායකත්වයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයෙකු නොවන අයෙක් පත්වූ ප්‍රථම අවස්ථාව ලෙසද සැලකේ. කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමේ නියෝජ්‍ය නායකත්වය සඳහා නවුසර් ෆවුසි මහතා පත්කරනු ලැබ සිටියි.
ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායකත්වය සඳහා හිටපු මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා පත්කර ඇති අතර නියෝජ්‍ය නායකත්වය නිමල් ලංසා මහතාව පත්කරනු ලැබ සිටියි. කළුතර දිස්ත්‍රික් නායකත්වය සඳහා ජගත් අංගගේ මහතා පත්කර ඇති අතර නියෝජ්‍ය නායකත්වය සඳහා රංජිත් සෝමවංශ මහතා පත්කරනු ලැබ සිටියි.