එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කරගැනීම සඳහා දැනට සන්ධානය නියෝජනය නොකරන පක්ෂ 12 ක් සමග සාකච්ඡා කර තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම්වරයා ලෙස අද (16දා) වැඩභාර ගැනීමෙන් පසු මාධ්‍ය අමතා මේ බව සඳහන් කළ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, වැඩ භාරගත් තනතුරේ වැඩ කරගෙනයාමට සියලුම දෙනාගේ සහයෝගය අවශ්‍ය වන බවත්ය.
වැරදි සිදුවනවා නම් එය සාධාරණ ලෙස විවේචනය කරන ලෙසටත් තමාගේ එකම බලාපොරොත්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකර ගැනීම බවද සඳහන් කළේය.