මැතිවරණ ජයග්රහණය බන්දේසියක තබා එක්සත් ජාතික පක්ෂයට ලබාදීමට කටයුතු නොකර සුළු සුළු අමනාපකම් නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානය හැර ගොස් සිටින සියලුම පක්ෂ සන්ධානය වටා රොද බැඳ ගන්නා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව ලේකම් මහින්ද අමරවීර මහතා ඉල්ලා සිටියි.
බෙදී වෙන්ව කටයුතු කළහොත් එහි වාසිය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය හැකි බවත්, මේ නිසා 2020 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් බිහිකර ගැනීම සඳහා සන්ධානයෙන් දැනට ඉවත්ව කටයුතු කරන කණ්ඩායම් සහ අළුතින් දේශපාලන කණ්ඩායම් එකතු කර ගැනීමට කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය.