ශ්රි ලංකා නිදහස් පක්ෂයේ දෙවිනුවර ආසන සංවිධායක හා දකුණු පළාත් සභා මන්ත්රී කාංචන විජේසේකර මහතා විසින් තමාට පහරදීමට තැත්කොට මරණ තර්ජන එල්ලකළ බවට දෙවිනුවර ප්රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ (එ.ජ.නි.ස) මහතා අද (06දා) දහවල් ගන්දර පොලීසිය වෙත පැමිණිලි කර ඇත.
එම දෙදෙනා අතර අදාළ ආරවුල ඇති වී තිබෙන්නේ දෙවිනුවර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වූ ප්රගති සමාලෝචන රැස්වීමක් අවසානයේදීය.