(UPDATE) මිහිමල් එජාපයට, උදයකුමාර ශ්රීලනිපයට
ඌව පළාත් සභාවේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්රී කපිතාන් මිහිමල් මුණසිංහ මහතා අද (22දා) ඌව පළාත් සභා මාසික රැස්වීමේදී ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය සමග විපක්ෂයේ අසුන් ගත්තේය. මේ අතර ජාතික නිදහස් පෙරමුණේ තවත් මන්ත්රීවරයෙකු වන ඩබ්ලිව්.ඒ. උදයකුමාර මහතා විශේෂ ප්රකාශයක් කරමින් පවසා සිටියේ තමාද ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්වූ නමුත්, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් බවයි.
2010 පළාත් සභා මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් නිදහස් සන්ධානය යටතේ තරග කළ මුණසිංහ මහතා බදුල්ල දිස්ත්රික් ලැයිස්තුවේ හයවැනියා ලෙස ඌව පළාත් සභාවට තේරීපත් වූ අතර, මොණරාගල දිස්ත්රික්කයට ජාතික නිදහස් පෙරමුණ යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ උදයකුමාර මහතා මනාප ලැයිස්තුවේ තෙවැනියා ලෙස පළාත් සභාවට තේරී පත්විය.
---------------------------------------------------------------------------------------------------------------------
ඌව පළාත් සභාවේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්රී (සන්ධාන මන්ත්රී) කපිතාන් මිහිමල් මුණසිංහ මහතා අද (22දා) ඌව පළාත් සභාවේ මාසික රැස්වීමේදී ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී එක්සත් ජාතික පක්ෂය සමග විපක්ෂයේ අසුන් ගත්තේය.
2010 පළාත් සභා මැතිවරණයේදී ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් නිදහස් සන්ධානය යටතේ තරග කළ මුණසිංහ මහතා මනාප විසිහත්දහසකට ආසන්න ප්රමාණයක් ලබා සන්ධාන මනාප ලැයිස්තුවේ හයවැනියා ලෙස ඌව පළාත් සභාවට තේරී පත්විය.