සන්ධානය නියෝජනය කරන පළාත් පාලන ආයතන නියොජිතයන් (නගරාධිපතිවරුන්/සභාපතිවරුන්/මන්ත්‍රීවරුන්) 1437 දෙනා අතරින් 1401 දෙනෙකු මීගමුවේ හෝටලයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව වෙනම සන්ධානයක් ලෙස ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්වීමට නායකත්වය ලබා දෙන්නැයි ඉල්ලා සිටියහ.
අද පැවැති රැස්වීම පෙරවරු 10.00ට පමණ ආරම්භව සවස 3.00 පමණ වනතුරු පවත්වා තිබේ. අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අමතරව දිනේෂ් ගුණවර්ධන,කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග,රෝහිත අබේගුණවර්ධන,උදය ගම්මන්පිල,වීරකුමාර දිසානායක,නාමල් රාජපක්ෂ,ගීතා කුමාරසිංහ,ප්‍රසන්න රණවීර ඇතුළුපාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 45කට වැඩි පිරිසක්ද,පළාත් සභා මන්ත්‍රීවරුන් විශාල පිරිසක්ද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද එක්ව සිටියහ.