දකුණු පළාත් සභාව වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදින අපේක්ෂකයන් තෝරා ගැනීම තවමත් අවසන් කොට නොමැති බව දැනගන්නට ලැබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ සියළුම ආසන නියෝජනය කරමින් නියෝජිතයන් නම් කිරීමේ ගැටළුවක් පැන නැගී ඇති අතර ඇතැම් ආසන සඳහා නියෝජිතයන් තිදෙනෙකු පමණ නම් දීම පිළිබඳව ගාල්ල සන්ධාන ජ්‍යෙෂ්ඨයන්ගේ නොසතුට පත් වී ඇත.
කෙසේ වෙතත් එක්සත් එක්සත් ජාතික පක්ෂයේ සිට සන්ධානයට එක්වූ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට (රත්තරන්), ගීතා කුමරසිංහට හා අනර්කලී ආකර්ශාට නාම යෝජනා හිම වන බව දැනගන්නට තිබේ.