එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ අදහස් නොවිමසා ජාතික ලැයිස්තුව නම් කර තිබීමට එරෙහිව මහජන එක්සත් පෙරමුණේ උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා අද (26දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්මයක් ගොනු කළේය.
සන්ධානයෙන් ජාතික ලැයිස්තුවට පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසත් ඔහු කීවේය.
මැතිවරණ කොමසාරිස්, සුසිල් ප්‍රේමජයන්ත්, මහාචාර්ය විශ්වා වර්ණපාල අතුළු 45ක් දෙනෙක් එහි වගඋත්තරකරුවන් ලෙස නම්කළේය.
ජාතික ලැයිස්තුවට පිටින් මන්ත්‍රිවරු පත්කිරීම හරහා ලැයිස්තුවේ සිටි පිරිසගේ හා මහජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇතැයි ඔහු සඳහන් කරයි.
අමිත් මධුරංග / ලක්මාල් සූරියගොඩ