ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන් කිහිපදෙනෙකු මැතිවරණ නීති උඩුයටිකුරු කරමින් ප්‍රචාරණ කටයුතු කිරීම නිසා එය වැළැක්වීමට කටයුතු කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටි බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
මැතිවරණ ප්රචාරක කටයුතු කිරීමේදී වැඩි වශයෙන් මැතිවරණ නීතිරීති උල්ලංගනය කරන්නේ මොනරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ බවත්, බඩල්කුඹුර ප්‍රදේශය පුරා, බස්නැවතුම්පොළ තුළ සහ නගර මධ්‍යය ඇතුළු සමස්ත නගරය දැවැන්ත කටවුට්වලින් පුරවා තිබෙන බවද ඔහු පවසා සිටියේය.