මෙවර මැතිවරණ ව්‍යාපාරය තුළ වේගයෙන් ඉදිරියට පැමිණ තිබෙන පක්ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය බව දේශපාලනයෙන් තොර සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනතාවගේ දේපළ ආරක්ෂාකර ගැනීමට, රාජ්‍ය භාණ්ඩාගාරය රැක ගැනීමට මෙන්ම සංවර්ධනයට මුවාවී ටෙන්ඩර්වලින් ගසා කෑ යුගය නිමා කිරීමට නම් මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරවියයුතු බව ඔහු පැවැසීය.
ඊයේ (21දා) පස්වරුවේ කන්තලේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය. ජනතා මුදල් කොල්ලකෑ සහ සංවර්ධනයට මුවා වී ජනතා මුදල් ගසාකෑ දේශපාලන සංස්කෘතිය තුළ අද වෙනත් කිසිදු පක්ෂයක නායකයෙකුට දේශපාලන වේදිකාවට පැමිණ තම පිරිසිදු බව සහ ජනතාවාදී බව ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු පැවැසීය.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හැර වෙනත් පක්ෂයට ඡන්දය භාවිතා කිරීමට යම් පුද්ගලයෙක් කටයුතු කරන්නේ නම් ඒ දූෂණයට වංචාවට, අක්රමිකතාවයට මෙන්ම පවුල්වාදයට සහය දෙමින් රටේ නිදහස සහ ප්රජාතන්ත්රවාදය අහිමි කිරීමට කටයුතු කිරීමක් බව ද ඔහු පැවැසීය.
බලයට කෑදර හෝ සදාකාලිකව ජනාධිපති ධූරයේ රැඳී සිටීමට පැමිණි අයෙක් නොවන බවත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතකරගත් දා සිට බලයට පත්වූ සෑම ජනාධිපතිවරයෙක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් සංශෝධනයක් සිදුකළා නම් හෝ නව පනතක් සම්පාදනය කරගත්තා නම් ඒ තම ජනාධිපති ධූරයේ බලතල ශක්තිමත් කර ගැනීම සඳහා පමණක් බවද පැවැසීය.