සංරක්ෂණය කරන ලද තිස්සමහාරාම ඓතිහාසික සදගිරි සෑය ජනතාවගේ වන්දනාමාන කටයුතු සදහා යළි විවෘත කිරීමේ පුණෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුධානත්වයෙන් සිදුවිය.
සංරක්ෂණය කරන ලද සදගිරි සෑය ස්ථූපයෙහි සමරු ඵලකය නිරාවරණය කර එය විවෘත කළ ජනාධිපතිවරයා ඊට පුථම පුෂ්පෝපාහාරය සිදු කළේ ය.
තිස්සමහාරාම සදගිරි උභය රජමහා විහාරාධිපති මාතර හම්බන්තර දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන නාහිමිපාණන් වහන්සේ ද බැහැදුටු ජනාධිපති සිරිසේන මහතා උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි පිළිසදරක නිරත වු අතර ඓතිහාසික කෞතුක වස්තු හා පුස්කොල පොත් වහන්සේලාද නිරීක්ෂණය කළේ ය.