සපුගස්කන්ද, සමෘර්ධි මාවත, සතොස තොග ගබඩාවේ භාරකරු විසින් එහි තිබූ සහල් විකිණිම සම්බන්ධයෙන් එම ගබඩාවේ භාරකරු හා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියය.
පෙරේදා (30දා) මෙම පැමිණිල්ල ලැබූ බවත්, ඊයේ (31දා) අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් පොලීසිය කියයි. සහල් කිලෝ 50 බැගින් වු මිටි 600 ක් මෙසේ විකුණා තිබේ. මෙම සහල් විකිණිමෙන් ලබා ගත් රුපියල් 235,000/- ක මුදලක් සැකකරුවෙක් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති අතර තවත් රුපියල් 350,000ක මුදලක් තමාගේ මවගේ නමින් බැංකු ගත කර ඇති බවත් පොලීසිය කියයි.
සහල් අලෙවි කරන ලද ලොරි රථයේ රියදුරු සහ අදාල ලොරි රථය අත්අඩංගුවට ගැනිම සදහා වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලීසිය පවසයි.