ජාතික හෙළ උරුමය සමග දේශපාලනික වශයෙන් සතුරුව සිටින කණ්ඩායම් පාර්ලිමේන්තු පාරේ පසුගියදා සිදුවූ අනතුරින් පසුව එක කඳවුරකට පැමිණ පාඨලී චම්පික රණවක ඇමතිවරයා ඉලක්ක කරගෙන අසත්‍ය ප්‍රහාර එල්ල කරමින් සිටින බව එම පක්ෂයේ ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.
ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ අද (07) පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“අපි විමර්ශනවලට අපි මැදිහත්වීමක් කරන්නෑ. ස්වාධීනව මේ පරීක්ෂණය කරගෙන යන්න ඉඩ දෙනවා. සිද්ධිය වෙලා අදට දවස් 9යි. චම්පික ඇමතුමා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටියේ මේ පිළිබඳව පරීක්ෂණ දේශපාලන බලපෑමකින් තොරව ස්වාධීනව කරගෙන යා යුතු නිසයි. අපි සමග දේශපාලනික වශයෙන් සතුරුව සිටින කණ්ඩායම් අද එක කඳවුරකට ඇවිල්ලා චම්පික රණවක ඇමතිවරයා ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරනවා. අපේ විරුද්ධවාදීන් චම්පික ඇමතිවරයාට විරුද්ධව අද නඩුව විභාග කරන්නෙත් පරීක්ෂණ කරන්නෙත් ටිරාන් අලස්ගෙ මැදිරියේ ඉඳගෙනයි.
අපිට දේශපාලනික වශයෙන් වීමට හේතුව වී තිබන්නේ ටිරාන් අලස් මහතාට විරුද්ධව රාඩා ආයතනය ගැන මම රහස් පොලීසියට පැමිණිලි කළ නිසයි. ඉන්පසු තමයි මාවයි චම්පික රණවක මහතායි ඉලක්ක කරගෙන පහර දෙන්නේ. මෙතන තියෙන්නේ වෙන දේශපාලන කෝන්තරයක්. පෞද්ගලිකව ඇතිකරගත්ත විරසකයක්* යනුවෙන් පවසා සිටියේය.