මෙවර ජාතික වෙසක් උත්සවය නිමිති කරගෙන සතියක කාලයකට සුරාසැල් වසාදැමීම සඳහා කැබිනට් මණ්ඩලයේ අවසර ඉල්ලීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්රජාතාන්ත්රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා ඊයේ (01දා) ප්‍රකාශ කළේය.
යෙදෙන මැයි 03 හා 04 යන දෙදින තුළ පමණක් සුරාසැල් වසාදැමීමට රජය දැනට තීරණය කර තිබෙන බව ඇමතිවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මහා සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශ්වවලින් ලැබුණු ඉල්ලීම් සලකා බලා සතියක කාලයකට සුරාසැල් වසාදැමිය හැකිදැයි කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමුකරන බව ජයසූරිය මහතා කියා සිටියේය.
තමාට තනිව එවැනි තීරණයක් ගත නොහැකි බවද හෙතෙම පවසා සිටියේය.
රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන ආකාරය පිළිබඳව දැනුම්දීමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.
මැයි 03 හා 04 යන දෙදින තුළ මහියංගණය රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන මෙවර ජාතික වෙසක් උත්සවය පවත්වන අතර, පූජ්‍ය අතුරලියේ රතන හිමි, අමාත්‍ය කරු ජයසූරිය, මහජන සාමය සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යවරයා, ජනමාධ්‍ය අමාත්‍යවරයා, සංස්කෘතික සහ කලා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් සමන්විත විශේෂ කමිටුවක් මගින් එහි කටයුතු අධීක්ෂණය කෙරේ.
අප්‍රේල් 30 දින සිට මැයි 06 වැනිදා දක්වා මෙවර වෙසක් සතිය ක්‍රියාත්මක බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.