ජිනීවා යෝජනාවලි රට තුළ ක්රියාත්මක කිරීම සඳහා පක්ෂවලින් අදහස් ලබාගැනීමට අද (22දා) පැවැත්වූ සර්වපාක්ෂික සමුළුව නැවත පැවැත්වීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
පක්ෂ සමුළුව පැවැත්වීමට ගත් තීරණය ඉතාමත් හොඳ තීරණයක් බවත්, මේ නිසා මෙම සමුළු තවත් වරක් පැවැත්විය යුතු බවටත් පක්ෂ නියෝජිතයන් ඉල්ලා තිබෙන අතර, මේ අනුව ඉදිරි සති තුන තුළ නැවත වරක් සමුළුව පැවැත්වීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.