සතිඅන්ත ජාතික පුවත්පත් කිහිපයක පළවූ දැන්වීම් කිහිපයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සතිඅන්තයේදී තරමක් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.
පැරණි පුවත් එකතුකර නිර්මාණය කර තිබූ මෙම දැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් සකසා තිබුණි.
එහිදී එක් සතිඅන්ත පුවත්පතක ‘දිඹුලාගල මහ නාහිමිගේ ආදාහනය අද’ යනුවෙන් සඳහන් වූ පුවතක් හේතුවෙන් පොළොන්නරුව ප්‍රදේශයේ ජනතාව කැළඹීමට පත්වූහ.
එමෙන්ම තවත් පුවත්පතක ‘ලිට්රෝ ගෑස් රුපියල් 100කින් අඩුවේ’ යන පුවත නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව ඒ ගැන උනන්දු වන තත්ත්වයක් දක්නට ලැබුණි.
කෙසේ වෙතත් මෙය මැතිවරණ ව්‍යාපාරයේ දුටු වෙනස්ම ආකාරයේ දැන්වීමක් බවට පත්ව තිබුණ අතර, ජනතාව එයට වැඩි වශයෙන් උනන්දුවීම නිසා ඔවුන්ගේ අරමුණු සාර්ථක වූ ආකාරයක් දක්නට ලැබිණි.
මෙම දැන්වීම පුවත්පතක පළමු පිටුවට විකල්පයක් ලෙස ඉදිරිපත් කර තිබෙන අතර, මාධ්‍ය ක්ෂේත්රයේදී එය ‘ව්‍යාජ කවර දැන්වීමක්’ (False Cover Advertisement) ලෙස හැඳින්වේ.
කෙසේ වෙතත් මෙම දැන්වීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
වැඩිදුර වාර්තා හිඟුරක්ගොඩ පියතිලක