දේශීය යාන්ත්‍රණයක් සකස් කර එමඟින් සත්‍ය ගවේෂණය කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. උදලාගම සහ පරණගම ජනාධිපති කොමිෂන් වාර්තාව ඇතුළුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව සම්බන්ධයෙන් විවාදයට ගැනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී විවාද කිරීම ආරම්භ කෙරුණු අතර එහි දෙවැනි දිනය වන අද (23) විවාදය ආරම්භ වූ අතර එම විවාදයේ අඳහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
අතීතයේ වැරදි ගැන එකිනෙකාට චෝදනා කරනවාට වඩා,වැදගත් වන්නේ අතීත වැරදි නිවැරදි කරගනිමින් අනාගතය යහපත් ලෙස ගොඩනගාගන මාර්ගයක් අතිකරගැනීමයි.අප මේ සිදු කරන්නේ එම කටයුත්තයි.
ජනවාර්ගික අර්බුදය ඒ මගින් පැතිර ගිය ත්‍රත්වාදය හා යුද්ධය නිසා,අප සියලු දෙනාම පීඩාවට පත් වුණා.ජීවිත හා දේපල හානිකරගත්තා.සාමාන්‍ය ජනතාව වගේම ආරක්ෂ හමුදාව ගොදුරු බවට පත් වුණා.යුද්ධය නිමවීමෙන් පසු යලි ප්රතිසන්ධානය ඇතිකොට හදවත් සුවපත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නොගැනීම,නිසා සමබර විදේශ ප්‍රතිපත්තියක් ගෙන නොයෑම නිසා,අප ජාත්‍යන්තර
වශයෙන් කොන්වෙන තත්ත්වයකට පත් වුණා.
අපට මේ පසුබිම තුළ රටක් ලෙස ඉදිරියට යන්න බෑ.අපි දේශීය වශයෙන් සමඟිය,සහෝදරත්වය ශක්තිමත් කොට මෛත්‍රිය මුල්කරගත් ප්රතිසංධාන ක්‍රියාවලියක් මගින් බිඳුණු හදවත් සුවපත් කළ යුතුයි.ඒ අතරම ජාත්‍යන්තර වශයෙන් අප පත් වී සිටි හුදකලා තත්ත්වයෙන් මිදී යළිත් ජාත්‍යන්තරයේ විශ්වාසය හා මිත්‍රත්වය දිනාගත යුතුයි.
ජිනීවා යෝජනාවලිය මඟින් අපට ඒ සඳහා අවස්ථාව ලැබී තිබෙනවා.ඒ නිසා අප සියල්ලම එක් වී අපේ රට ඉහලට එසවීමේ මූලික අරමුණ කරගනිමින් මෙම ව්‍යායාමයට එක්වෙමු යැයි අගමැතිවරයා පැවසීය