මීරිගම, දිවුලපිටිය පාරේ, කිතුල්වලදී ඉකුත් 25 වැනිදා සවස 69 හැවිරිදි හත්දරු මවක හප්පා ඇගේ මරණය සිදුකර පළාගිය බවට සැකකෙරෙන ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රියක් පල්ලෙවෙල, පූගොඩ ප්රදේශයේ නිවසක තිබියදී අද (03දා) සවස කොටදෙනියාව පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති ජීප්රිය ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බව කියන අතර, එය දිවුලපිටිය ප්රදේශයේ වෙසෙන ලේකම්වරයකුගේ ප්රයෝජනයට යොදාගෙන තිබූ එකක් බවද අනාවරණය වී ඇත. රථය පොලිස් බාරයට ගෙන ඇත්තේ එය එහි රියදුරාගේ නිවසේ තිබියදීය.
පසුගිය 25 වැනිදා සවස කිතුල්වල දීගලකන්දේ විසූ ආර්.එම්.කුසුමාවතී මහත්මිය ජීප්රියක හැපී බරපතළ තුවාල ලබා මියගිය අතර, අනතුර සිදුකළ රිය නොනවත්වා පළාගොස් තිබිණි.