අමාත්‍යාංශය පිහිටුවා,ඇමතිවරයා වශයෙන් එහි දිවුරුම් දී වැඩ බාරගැනීමට මාස 04ක කාලයක් ගතවූයේ ඒ සඳහා සූදානම් වීමට අවශ්‍ය වූනිසා යැයි ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
කාර්යමණ්ඩලයට අවශ්‍ය සේවක සේවිකාවන්ගෙන් මේ දක්වා 50% ක් පමණ බඳවාගැනීමට හැකි වූ බවද ඔහු කීය.
ඉතිරි පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමට මේ දිනවල උත්සාහ ගනිමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
රාජගිරිය,ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පිහිටි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේදී වැඩබාරගැනීමෙන් අනතුරුව සරත් ෆොන්සේකා මහතා මේ බව කීය.
රටේ ආර්ථිකයට ශක්තියක් වීම සඳහා මධ්‍යම,උතුරුමැද, නැගෙනහිර යන පළාත් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ කර්මාන්ත,කෘෂිකර්මය හා සංචාරක අංශයේ දියුණුවක් ඇති කිරීමට කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.
එහිදී මධ්‍යම පළාත සහ බදුල්ල දිස්ත්‍රික්කය එක් මණ්ඩලයක් වශයෙන්ද,උතුරු මැද හා නැගෙනහිර පළාත් එක් මණ්ඩලයක් වශයෙන්ද සමන්විත මණ්ඩල දෙකක් පිහිටුවීමට අදාළ යෝජනාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ඔහු කීය.
මේ සඳහා සංවර්ධන උපායමාර්ග ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ සහාය ලැබෙන බවද හෙතෙම කියා සිටියේය.
තමාගේ අමාත්‍යාංශය යටතේ සතපහක හෝ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බවත්, රටේ නිතීරීති රෙගුලාසි අනුව දේපළ පවරාගැනීම්,සේවකයන් බඳවාගැනීම් ආදිය සිදුකරන බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු