හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා සතුව සිටි අලියා වනජීවී නිලධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (18දා) පස්වරුවේරැගෙන ගොස් තිබේ.
වයස අවුරුදු පහළොවක් වූ අලියා අම්බලන්ගොඩ, හිරේවත්ත විහාරස්ථානයේ සිට ඇති අතර, ඇත්ගොව්වෙකු යොදවා අලියාගේ සියලු නඩත්තු කටයුතු සිදුකොට ඇත්තේ සජින් වාස් ගුණවර්ධන මහතා විසින්. අලියා උඩවලව ඇත් අතුරු සෙවණ වෙත මුදාහැරීමට නියමිත බවද පැවසෙයි.
රවීන්ද්‍ර ශ්‍රී ලාල්