පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස වත්කම් බැරකම් වාර්තා ලබානොදීම සම්බන්ධයෙන් හිටපු මන්ත්රී සජින් වාස් ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩුවේ පළමු සාක්කිකරු අද (1දා) නොපැමිණීම හේතුවෙන් නඩු විභාගය දෙසැම්බර් 10 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.