පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයේ පිහිටි නිවසට අද (13දා) සවස් කාලයේදී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබුණු බව පොලීසිය පවසයි.
සිද්ධියෙන් කිසිවෙකුට හානියක් නොවුවද නිවසේ ජනෙල් කිහිපයකට හානි වී තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
වීදුරු බෝතලයකට පෙට්‍රල් හා භූමිතෙල් පුරවා ප්‍රහාරය එල්ලකර තිබූ බවත්, මේ පිළිබඳව අම්බලන්ගොඩ පොලිස් ස්ථානය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් එම කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.