අයථා වත්කම් රැස්කිරීම් පිළිබඳව අපරාධ විමර්ශන අංශය අද (25දා) පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතාගෙන් පැය 4 ½ ක කාලයක් ප්රශ්න කළේය.
එසේම ප්රකාශ සටහන් කර ගැනීම සඳහා ලබන සතියේ යළි පැමිණෙන ලෙසද අපරාධ විමර්ශන අංශය ඔහුට දැන්වීමක් කර ඇත.
දූෂණ විරෝධී හඬ සංවිධානය මගින් සජින් වාස් මන්ත්රීවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට හා රහස් පොලීසියට මින් පෙර පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.
මේ පිළිබඳව අදහස් දැක්වූ වාස් ගුණවර්ධන මන්ත්රීවරයා කියා සිටියේ, තමා සිය චෝදනාවලින් නිර්දෝෂී බව ඔප්පු වන තෙක් නිහඬව බලා සිටින බවයි.
ඉන් අනතුරුව තමාට එරෙහිව බොරු පැමිණිලි කළ සියලු දෙනාට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බවද ඔහු ප්රකාශ කර සිටියේය.