ජනපති ලේකම් කාර්යාලයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා නැවතත් එළැඹෙන 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා අද (11දා) නියෝග කළේය.
සජින් වාස් ගුණවර්ධන මහතා මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කළ සමයේදී භාවිත කළ දෑ නැවත බාරදීමට ඔහුට තිබෙන බව ඔහුගේ නීතිඥවරු දැනුම් දුන්හ.