ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරයේ ලොකුම විහිලුව තමන් අගමැතිකම ගැනීම සඳහා ආණ්ඩුවට එක්වෙන බව ප්‍රකාශ කිරීම බවත් පක්ෂය වෙනුවෙන් දිවිදුන් පියාගේ ආත්මය කැපකර ආණ්ඩුවට එක් නොවන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් අද (03දා) ප්‍රකාශ කළේය.
"මැතිවරණ ප්රචාරක වැඩකටයුතු වල දැන් අලුත්ම තුරුම්පුව මොකක්ද? අලුත්ම තුරුම්පුව තමයි සජිත් ප්‍රේමදාස යනවලු අගමැතිකම ගන්න ආණ්ඩුවට. මේක තමයි මේ සියවසේ ලොකුම විහිලුව. ඒ නින්දිත ප්‍රචාරය අද එස්.එම්.එස්. හරහා, ෆේස් බුක් හරහා, ට්විටර් හරහා අන්තර්ජාලය හරහා රට පුරාවටම යවනවා. මම එකක් කියන්න කැමතියි. රට පරිහානියට ලක්කරන මේ වර්තමාන රජෙයේ කප්පිත්තන්ට මොහොතකට හිතෙනවද පක්ෂය වෙනුවෙන් දිවිපිදූ තාත්තගේ ආත්මය පාවාදීලා මේ සජිත් පුතා යූඇන්පිය දමලා යයි කියලා." යැයි ඔහු වැඩිදරටත් පැවැසීය.