සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා නිසා අද ලංකාවේ වැඩිම ණය කාරයෝ සිටිනුයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසිය .
මන්ත්‍රීවරයා මෙම අදහස් පළකර සිටියේ පසුගිය (17 දා) සවස අම්බලන්තොට, ලුනමදී පැවැති ජනහමුවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.
“අද ලංකාවේ වැඩිම ණය කාරයෝ ඉන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. ඇයි සජිත් ප්‍රේමදාස මහත්තයා ණය ආධාර දෙනවා. ණයක් මොන ලෝකෙද ආධාරයක් වෙන්නෙ. පොළියකුත් ගහනවා. පොළිය දවසට ගෙව්වෙ නැත්නම් 11%ක් වෙනවා. ආධාරයක් නම් ආධාරයක් . ණයක් නම් ණයක්. බැංකුවෙනුත් පටන් ගනීවි ණය ආධාර දෙනු ලැබේ කියලා. මේ ජනතාව රවට්ටලා ඡන්දෙ ගන්න හදන්නෙ. බය කරලා ඡන්දෙ ගන්න හදනවා.
පහුගිය අවුරුදු තුනේ මේ ගම්වල එක සංවර්ධන යෝජනා ක්‍රමයක් ආණ්ඩුව ක්‍රියාත්මක කෙරුවෙ නෑ. හැබැයි දැන් ඡන්දෙ ළං වෙනකොට ආණ්ඩුවෙ ඉන්න අයට ගම මතක් වෙලා. දැන් කියනවා ගම හදන්න එයාලට දෙන්නලු. හම්බන්තොට දිස්ත්‍රික්කෙ මත්තල ගුවන් තොටුපළ විකුණනවා. හම්බන්තොට වරාය දැන් විකුණලා ඉවරයි. හම්බන්තොට ඉස්පිරිතාලෙ ලංකාවෙ ලොකුම ඉස්පිරිතාලෙ තාම විවෘත කරගන්න බැරුව ඉන්නවා. දැන් අපිට ආරංචියි ඒක චීන සමාගමේ නවාතැන්වලට දීලා කියලා. හම්බන්තොට සම්මන්ත්රණ ශාලාව චීන සමාගමට කාර්යාලයක් දාන්න දීලා.
එදා ඇමතිවරු ඇවිල්ලා මොකද්ද කිවුවේ, මේ දිස්ත්‍රික්කෙ බිම් අඟලක් දෙන්නෙ නෑ කිවුවා. ඔන්න අද වෙනකොට හම්බන්තොට දිස්ත්‍රික්කෙ ඉඩම් මැනලා ගැසට් එකත් දැන් බෙදන් යනවා ගෙවල්වලට. අපේ දිස්ත්‍රික්කෙ කැබිනට් එකේ ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා. රාජ්‍ය ඇමති කෙනෙක් ඉන්නවා. මේ තුන්දෙනාම එක වචනයක් මේකට විරුද්ධව කතාකරන්නෙ නෑ. වරාය විකුණන්න ඉඩතියන්නෙම නෑ කිවුවා.විකුණ්නා. දැන් කටක් අරින්නෙ නෑ. මේ ආණ්ඩුව සම්පූර්ණයෙන් දුවන්නෙ බොරුවෙන්.”