සජිත් ජනපතිට අගමැතිට කොඩි පලඳවයි
ජූනි 23 වනදාට යෙදෙන ජාතික නිවාස දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති කොඩි සතිය ආරම්භ කරමින් එම කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් වෙත පැලඳවීම අද (21) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත කොඩි පැළඳවීය.
දිවංගත හිටපු ජනාධිපති, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිර්මාතෘ රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජන්ම දිනය යෙදී ඇති ජූනි 23 වනදා දිනය ජාතික නිවාස දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
අද සිට සතියක් පුරා ක්‍රියාත්මක වන ජාතික නිවාස සතියේදී නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මකය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ මෙම කොඩි අලෙවියෙන් ලැබෙන ආදායම නිවාස නොමැති දුප්පත් ජනතාවට නිවාස ඉදිකරදීමේ වැඩසටහන් සඳහා යොදවන බවය.
එමෙන්ම වකුගඩු රෝගයට ගොදුරු වූ නිවාස නොමැති පවුල් සඳහා නිවාස ඉදිකරදීම මෙවර ජාතික නිවාස දින වැඩසටහන යටතේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

