රජයේ වාහන භාවිත නොකරන, රජයෙන් වැටුප් නොගන්නා එකම ඇමතිවරයා ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පමණක් බව විදේශ රැකියා ඇමතිනී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, රත්නපුර, බළන්ගොඩ ප්‍රදේශයේ ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය යටතේ උදා ගම්මාන ව්‍යාපෘතිය ආරම්භ කරමින් නිවාස 33 ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය “මම ආණ්ඩුවේ ඇමතිවරියක්. මම යන්නේ ආණ්ඩුවේ වාහනයක. අපට රජයෙන් වැටුපක් දෙනවා. ඇමතිවරු වුණාට අපටත් වියහියදම් තියෙනවා. හැබැයි මේ ආණ්ඩුවෙන් වාහනයක් පාවිච්චි කරන්නේ නැති, වැටුපක් ලබන්නේ නැති ඇමතිවරයෙක් ඉන්නවා නම් ඒ සජිත් ප්‍රේමදාස විතරයි.
මොනම හේතුවකටවත් එතුමා රටට ණය නෑ. හරි ආඩම්බරයෙන් ඒක කියන්නේ. අපි ඒ චරිතය දිහා බලන්නේ රණසිංහ ප්‍රේමදාස චරිතය වගේ. සජිත් ප්‍රේමදාස මහත්තයට කලින් නිවාස ඇමති කෙනෙක් හිටියා. අද හිරේ ඉන්නවා. වාහන සීයක් පාවිච්චි කරලා. විමල් වීරවංශ රත්නපුරේට ඇවිත් නිවාස ව්‍යාපෘතියක් හදන්න මුල්ගල තිබ්බේ කවද්ද? වාමාංශික දේශපාලනය ගැන කතා කරලා, සමාජවාදය ගැන කතා කරලා, ටින් හොල්ල හොල්ලා ඇවිත් කොටිපතියන් වුණ ඇමතිවරු මෙයාලා.
මම අහනවා විමල් වීරවංශගේ මුල කොහෙද කියලා.මේ දේවලින් තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ රටේ යහපාලනය කියලා වෙනසක් ඇති කළේ. එදා කටේ හයිය නිසා වේදිකාවට නැග්ග විමල් වීරවංශ අද මේ රටේ කෝටිපතියන්ගෙන් කෙනෙක් බවට පත්වෙලා තියෙනවා. අද ටින් එකත් නෑ, මාක්ස්වාදයත් නෑ, සමාජවාදයත් නෑ. මතකනේ ඔළුවෙ ගාන ජෙල් එක ගෙනාවේ ඇමෙරිකාවෙන්. එතකොට ඒවා ප්‍රශ්නයක් නෑ.
මේ රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලිවලින් නිවසක්වත් හදපු නැති ඇමති කෙනෙක් වාහන 100 ක් පාවිච්චි කළේ කොහොමද කියන එක ගැටලුවක්. අද අපෙන් අහනවා කෝ යහපාලනය කියලා. අද නිවාස අමාත්‍යාංශයේ ඇතිවෙලා තියන යහපාලනය බලන්න. මම සමහර වෙලාවට ගිහින් සජිත් ප්‍රේමදාස මහත්තයගේ අමාත්‍යාංශයේ එතුමා එක්ක වැඩ කරනවා.
රජයේ ආයතනයක මම පළමුවැනි වතාවට තමයි විමල් වීරවංශ පාවිච්චි කලා වගේ මේසයක් දැක්කේ. කිං සයිය් ඇඳකටත් වඩා ලොකුයි එයාගෙ මේසේ. සජිත් මහත්තයා මේ ළඟදි ඒක එයාට වැඩ කරන්න පුළුවන් මේසයක් බවට පත් කරගෙන තියෙනවා. මේ කාගේ මුදල්ද? අද කියන්නේ දේශපාලන පළිගැනීමට හිරේ දැම්මා කියලා. එයාගේ කටේ වගේම අපේ කටේත් හයිය තියෙනවා. දේශපාන පළිගැනීමට සිරගත කළ කාලේ ඉවරයි දැන්" යනුවෙන් ප්‍රකාශ කළාය.