ආදර්ශවත් පැවිදි ජීවිතයක් ගතකළ අස්ගිරි මහනාහිමියන්ගේ අපවත් වීම වත්මන් සඟ සසුනට සිදුවූ පිරිමැසිය නොහැකි පාඩුවක් සේ සැළකිය හැකි බව මල්වතු මහානාහිමි අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ පවසති
අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහානාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් මල්වතු නිවේදනයක් නිකුත්කරමින් මහනාහිමියෝ මෙබව පවසති.
පැවිදි භික්ෂුවක් තුළ පැවතිය යුතු සියළු ගුණයන්ගෙන් ශෝභිතව ගිහි පැවිදි කාහටත් ආදර්ශවත්ව උන්වහන්සේ වැඩවාසය කළ බවත් අස්ගිරි මහනාහිමියන් ජාතික, ශාසනික, සාමාජික සේවාව හා සුපේශල ශික්ෂාකාමීත්වය දෙස් විදෙස් පැවිදි කාගේත් ඇගයීමට ලක්වූ බව මල්වතු මහනාහිමි නිකුත් කළ ශෝක ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්ය.