ජනතාවගේ රුපියල් කෝටි ගණනක මුදලක් වංචනික ලබාගැනීම සඳහා මුදල් සමාගම් පනතට පටහැනිව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සක්විති රණසිංහ ඇතුළු සිවුදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන මස 15 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
එලෙස නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා, එදින අධිකරණය හුමවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් විත්තිකරුවන්ට සිතාසිද නිකුත් කළේය.
මූල්‍ය සමාගම් පනතේ කොන්දේසිවලට පටහැනි ආකාරයට මීට වසර 07 කට පෙර මූල්‍ය සමාගමක් ආරම්භ කර ජනතාවගෙන් මුදල් වංචනිකව ලබාගෙන ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා පවරා ඇති නඩුව කැඳවූ විනිසුරුවරයා එලෙස නියම කළේය.