ශ්‍රී ලංකාවේ සංහිඳයා වැඩඩපිළිවෙළ සාර්ථක කරගැනීමට අවශ්‍ය සියලු සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසා තිබේ.
ඉන්දියාවේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී ඉන්දීය අගමැතිවරයා මෙසේ සහතික වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මාස 15ක් වැනි කාලයක් තුළ ඉන්දීය අගමැතිවරයා හා ජනාධිපතිවරයා හමුවූ 6 වැනි නිල හමුව මෙම ද්වීපාර්ශ්වික හමුව බවද කියැවෙයි.