සිංහල සමාජයට සංහිදියාව ගැන කියා දීමට වැඩමුලු සහ දෙශන පැවැත්වීම සදහා විදේශ රටවලින් ආධාර උපකාර ලැබී ඇතැයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද(27) පැවසීය. මෙවැනි දේවල් දෙස බැලීමේදී සිංහලයාගේ ඉවසීම නෝංජල්කමක්,නිවටකමක් විදියට සලකන ආකාරයක් පෙනී යන බව කී වර්ණසිංහ මහතා සංහිදියාව ගැන කියා දීමට තරම් සිංහල සමාජයේ ප්‍රශ්නයක් නැති බව පවසා සිටියේය. ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ උතුරු පළාත් සභාවේ
“සංහිදියාව ගැන දිගින් දිගටම දකුණේ සමාජයට විතරක් අවවාද,උපදෙස් අනුශාසනා ,මහා දේශනා පැවැත්වීම නතර කළ යුතුයි. උතුරේ දෙමළ සමාජය තුළ අතලොස්සක් දේශපාලනඥයින් සහ නැවත වතාවක් එල්ටීටිඊ සංවිධානයට පන දෙන්න ඕන කියලා කල්පනා කරන සුලු පිරිසක් දරුණු උත්සහයක් දරනවා.මෙම උත්සහය බහුතර දෙමළ සමාජයේ යටපත් කරගන්න පුලුවන්. සංවිධානත්මකව වැඩ කරන යම් කුඩා කණ්ඩායමක් උතුරේ මුලු සමාජයම තමන්ගේ අනසකට ගන්න පුලුවන්.ඒක නිසා මේ අනතුර තේරුම් ගන්න.“යනුවෙන් පවසා සිටියේය.