දේශීය ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය සංවර්ධන වැඩපිළිවෙළට මහත් බාධාවක් බවට පත්ව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
උගතුන් සහ බුද්ධිමතුන් මවුබිම හැරදා විදෙස්ගත වීම මෙයට හේතුවක් වන අතර, මාතෘභූමිය වෙනුවෙන් වූ ඔවුන්ගේ වගකීම් පිළිබඳ අද දවසේ නිසි අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ 45 වන සැමරුම් උත්සවය සහ විශිෂ්ටයින් ඇගයීමේ සම්මාන උළෙලට ඊයේ (30දා) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී එක්වෙමිනි.