මූල්‍ය නගර ව්‍යාපෘතිය අතිවිශාල ව්‍යාපෘතියක් බැවින් විටින් විට ප්‍රශ්න පැන නැගිය හැකි බවත්, ඒ අවස්ථාවන්වලදී තම අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය තීරණ ගනු ලබන්නේ සබුද්ධිකව හා විද්‍යානුකූල සාධක මත බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ අද(17දා) මූල්‍ය නගර ව්‍යාපෘතිය පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙසේද පැවසීය
අද දිනයේ මීගමුව ප්‍රදේශයේ ධීවර ප්රජාවත්, ඇතැම් ආගමික නායකයනුත් විසින් මීගමුව කොළඹ මහා මාර්ගය වසා දමා උද්ඝෝෂණයක් කළා. එතැනදි වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව ඒ අය විසින් චෝදනා ගණනාවක් ගොනු කළා. ඒ වගේම මේ පිළිබඳව සාකච්ඡාවකට ආරාධනා කරපු අවස්ථාවේදී ඒ අය විසින් ප්‍රකාශ කරල තියෙනව වරාය නගර ව්‍යාපෘතිය නතර කරල තමයි සාකච්ඡා කරන්න පුළුවන් කියලා.
වරාය නගරය තනන එම ආයතනය සමඟ(චීන ආයෝජකයින්) ගිවිසුම අත්සන් කර තිබෙන්නේ අපේ අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය සමඟ. ඒ නිසා අපිට යම් වගකීමක් තියෙනවා මේ කියන කරුණු ගැන පැහැදිළි කිරීමක් කරන්න. අපි කිසියම් ආකාරයක ත්‍රෛයිපාර්ශ්වික ගිවිසුමකින් අපේ අමාත්‍යාංශයත්, නාගරික සංවර්ධන අධිකාරියත්, චීන ආයෝජක සමාගමත් පසුගියදා බැඳුණා මේ ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්න.
ප්‍රධාන වශයෙන්ම අපේ සම්මුතිය, ගිවිසුම තියෙන්නේ මේ රටේ මහ ජනතාව එක්ක. මේ රටේ මහජනතාව තමයි මේ ආණ්ඩුවට ජනවරම දුන්නෙ. ඒ අනුව තමයි ආණ්ඩුව ක්‍රියා කරන්නේ. මේ රටේ මහ ජනයාගේ යහපත වෙනුවෙන් අපි ඒ කටයුත්ත කරන්නෙ. ඒ නිසා අපි ඒ ගිවිසුම් ප්‍රකාරව තමයි කටයුතු කරන්නේ. චීන සමාගම කෙහොම හැසිරෙනවද, ඒ අයට ලබාදීල තියෙන කොන්දේසි කඩකරනවද, ඉටු කරනවද, කියන එක පිළිබඳව සොයා බලන්න අපි වගකීමෙන් බැඳී ඉන්නව. ඒ අනුව තමයි අපි ක්‍රියා කරන්නේ.
වැදගත්ම දේ තමයි මේ පිළිබඳව කලින් පාරිසරික අධ්‍යයනයක් සිදුකරල තිබුණෙ නෑ. විශාල ව්‍යාපෘති සඳහා සාමාන්‍යයෙන් පරිසර අධ්‍යයනයක් සිදු කරනු ලබනවා මධ්‍යම පරිසර අධිකාරියේ තිබෙන නීති රෙගුලාසි මත. නමුත් එවැන්නක් සිදුවෙලා තිබුණෙ නෑ. ඒ සඳහා වියයුතු පාරිසරික අධ්‍යයනය අපි දියත් කළා. ඒ සඳහා දින 30 ක් මහජන අදහස් ගන්නත් යොමු කළා. ඒ දක්වා තිබූ මහජන අදහස්ද පදනම් කරගෙන මේ ව්‍යාපෘතිය අධීක්ෂණය කරන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව කොන්දේසි 70 කට අධික ප්‍රමාණයක් චීන සමාගමට පැවරුව. ඒ කොන්දේසි වලට අනුකූලවයි මේ ව්‍යාපෘතිය කරගෙන යායුත්තේ කියලා.
මූල්‍යමය වශයෙන් මෙය කොතරම් වැදගත්ද කියලත් අපි සොයා බැලුව. මේ සඳහා ඩොලර් බිලියන 1.4 ක් ආයෝජනය වෙනවා. හෙක්ටයාර 269 ක් මේ සඳහා වෙන්වෙනව. මෙය කෙතරම් මූල්‍යමය වශයෙන් අනාගතයට ලංකාවට බලපායිද? කොයි විදියටද ඒක කරන්නෙ කියන එක. එතනදි මුලින් තිබුණෙ පරමාර්ථ හැටියට සංස්කෘතික, විනෝදාත්මක, වානීජ කටයුතු තමයි ගොඩාක් දුරට මුල් අරමුණු ලෙස තිබුණෙ. ඒ වෙනුවට මේ ස්ථානය මූල්‍ය නගරයක් හැටියට ආරම්භයේ පටන්ම 2020 සිටම දියුණු කළ යුතුයි කියන අදහස ඇවිල්ල මූල්‍යමය ලෙස වෙනම නීතිමය රාමුවක් යටතේ මේ නගරය පවත්වාගෙන යන්න තීරණය කෙරුණා.
ඒ නිසා ආර්ථික වශයෙන් ලංකාවට ඇතිවන බලපෑම විධිමත්ව සාකච්ඡා කරල තියෙනව. ඒ සියල්ලම සැලකිල්ලට අරගෙන තමයි මේ කටයුත්ත කලේ. මෙහිදී නීතීමය විදියට, ආර්ථිකමය විධියට, පාරිසරික විධියට හා මූල්‍යමය විධියට තක්සේරුවක් කරල තියෙනව. මෙහි ප්රධානමය හරය වුණේ සමාජමය වශයෙන් පරිසරයට පමණක් නොවෙයි මේ ධීවර ප්‍රජාව වැනි අයට ඇතිවන බලපෑම ගැන තමයි එතනදි සැලකිල්ලට ගත්තේ.
ඒ වගේම මේ ඇත්තන්ට යම්කිසි ප්‍රශ්නයක් මතුවෙලා තියෙනව නම් අප අමාත්‍යාංශයේ ලේකම්තුමාට දන්වන්න කියල ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අපට ලැබුණ. අපි පළමුව ඒ නීතිමය තත්ත්වය තුළ ක්‍රියා කරනවා. මේ ගිවිසුමත් සමඟ අපි ක්‍රියා කරනවා යැයි අමාත්‍යවරයා පැවසිය.