දුක්විඳින පාරිභෝගිකයන්ගේ ගැටලුවලට පිළියම් නොයොදා රට තුළ කොපමණ සංවර්ධන කටයුතු සිදුකළද, ඒවා ඵලක් නොවන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න මහතා පැවසීය.
උස් පහත් භේදයකින් තොරව පාරිභෝගිකයන්ගේ ගැටලුවලට පිළිතුරු ලැබිය යුතු බවත්, එම තත්ත්වය අවබෝධ කරගත් නිසාම තමන් ජාතික පාරිභෝගික ප්‍රතිපත්තියක් සකස්කිරීමට තීරණය කළ බවද අමාත්‍යවරයා අද (02දා) ප්‍රකාශ කරන ලද්දේ පාරිභෝගික පනතට අදාළ වෙබ්අඩවිය එළි දැක්වීමේ අවස්ථාවේදීය.