එළඹෙන ජනවාරි මස සිට පැවැත්වෙන දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්වීම් සඳහා අදාළ දිස්ත්‍රික්කය නියෝජනය කරන සෑම ඇමතිවරයෙකුම අනිවාර්යෙන්ම සහභාගී විය යුතු බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝගයක් නිකුත් කර තිබේ.
එසේම ඒ ඒ අමාත්‍යාංශය මගින් අදාළ දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳ අමාත්‍යවරු, ප්‍රාදේශීය දේශපාලන නායකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළ යුතු බවද එමගින් වැඩිදුරටත් දන්වා ඇත.
ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (28දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජාතික ආර්ථික සභාව දෙවන වරටත් රැස්වූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.