මසකට වරක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පැමිණ, කටයුතු සිදු නොවීමට අදාල හේතු දැක්වීම නිරන්තර පුරුද්දක් කර ගතහොත් කිසි දිනෙක ප්‍රාදේශීය සංවර්ධනයක් සිදු නොවන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය පැවසුවාය.
උහන ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ, සම්බන්ධීකරණ කමිටුවේ අරමුණ නිළධාරීන්ගේ ලියුම් ගණුදෙණු සිදු කළ ලිපිගොනු ඉදිරිපත් කිරීම නොවන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය
‘අපි මේ රැස්වීමේ දී ගන්න තීරණ ක්‍රියාත්මක කරන්න ඕනේ. නිළධාරීන්ට පුළුවන් ඒ දේ කරන්න. එහෙම නැතුව එහෙට ලියුම් දැම්මා මෙහෙට ලියුම් දැම්මා කියලා වැඩේ නොකෙරෙන්න හේතු විතරක් මෙතෙනට අරගෙන එන්න එපා. එහෙම කරන එක පුරුද්දට ගිහාම කවදාවත් මේ ප්‍රෙද්ශවල සංවර්ධන කටයුතු කරන්න බැරි වෙනවා. මාසෙකට සැරයක් පැවැත්වෙන මේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම එනකල් ඉන්නේ නැතුව ඒ ඒ ආයතන කතා කරලා කටයුතු කරන්න ඕනේ.‘