රටක ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඩිජිටල් ලේඛන කළමනාකරණය වඩාත් සාර්ථක වන බවත්, ඒ අනුව වටිනා ලේඛන සංරක්ෂණය කිරීමේදී සම්ප්‍රදායික ක්‍රමවේද වෙනුවට මෙම අවශ්‍යතාව ඉටු කිරීමට ඉදිරියේ දී බිහිවන ඩිජිටල් ලේඛනාගාර අවශ්‍ය බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (21දා) පවසා සිටියේය.
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ පැවති ඩිජිටල් ලේඛන කළමනාකරණය සහ ඩිජිටල් ලේඛනාගාරයක් පිහිටුවීමට අදාළ විශේෂ අන්තර්ජාතික වැඩමුළුව සහ අන්තර්ජාතික ලේඛනාරක්ෂක කවුන්සිලයේ දකුණු බටහිර ආසියානු කලාප ශාඛාවේ විධායක කමිටු රැස්වීම අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ඕනෑම රටක ලිඛිත උරුමය සහ ලිඛිත ඉතිහාසය පිළිබඳ පවත්නා වැදගත්ම සාධකය රට තුළ පවත්නා සංරක්ෂිත ලේඛනයි. මන්ද ඒවායේ අන්තර්ගතය හරහා අදාළ රට අත්පත් කරගන්නා ජයග්‍රහණ සහ අත්දැකීම් පිළිබිඹු වනවා.
එමෙන් ම රටක ඉදිරි සංවර්ධන කටයුතුවලදී එම තොරතුරු බෙහෙවින් වැදගත් වනවා. එම නිසා සාම්ප්‍රදායික ලේඛනාරක්ෂක ක්‍රමවලට වඩා ඩිජිටල් ලේඛන කළමනාකරණය වඩාත් සාර්ථක වනවා” යැයිද පවසා සිටියේය.