තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා වන රජයේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඉදිරි තෙවසරක රජයේ දැක්ම 2017 වසරේ ජනවාරි මස 02 වැනිදා ප්රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ.
ඒඅනුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් 2017 වසරේ ජනවාරි මස 02 වැනිදා තිරසර යුගයක ජාතියේ ප්රාර්ථනාව නමින් තිරසර දැක්ම ප්රකාශයට පත්කිරීමට සැලසුම්කර තිබේ. එමෙන්ම 2030 තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා ශ්රීලංකාවේ ගමන්මග පිළිබඳ ජාතික ප්රතිපත්තිය සකස්කිරීමද මෙදින ආරම්භ කිරීමට නියමිතය.
ඒවෙනුවෙන් 2030 තිරසර සංවර්ධන ඉලක්ක 17 සම්බන්ධයෙන්වන ක්ෂේත්ර 17 හි මෙරට ප්රවීණයන් 17කින් සමන්විත කමිටුවක් මගින් ජාතික ප්රතිපත්තිය සකස්කිරීම ආරම්භකෙරෙනු ඇත. 2017 ජනවාරි 02 වැනිදා සිට පෙබරවාරි 09 වැනිදා දක්වා දිවයිනේ විවිධ ප්රදේශ ආවරණය වන පරිදි තිරසර සංවර්ධනය පිළිබඳ වැඩසටහන් දියත් කිරීමට සැලසුම්කර ඇති අතර, සංවර්ධන අයිතීන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමටද නියමිතය.