(VIDEO) ප්රජාතන්ත්රවාදී පක්ෂයේ හිටපු මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයාට එරෙහිව මුදල් වංචාවලට අදාළ චෝදනා පැවති බවත්, එහෙයින් පක්ෂය විසින් පරීක්ෂණයක් සිදුකරමින් පැවැති බවත් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පැවසීය.
හිටපු මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා පක්ෂයෙන් ඉවත්වීම පිළිබඳව අදහස් දක්වමින් උපසභාපතිවරයා ඉහත අදහස් ප්‍රකාශ කළ අතර, පක්ෂ නායක සරත් ෆොන්සේකා වට්ටන්නට කිසිම අයෙකුට නොහැකි බවද ඔහු සඳහන් කළේය.
මේ ප්‍රවෘත්තියට අදාළ වීඩියෝව පහතින් නරඹන්න.