පේරාදෙණිය සරසවියට බලෙන් ඇතුළු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු සංජීව බණ්ඩාර එළඹෙන තුන්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා යටතේ සංජීව බණ්ඩාර මෙසේ බන්ධානාගාර ගතකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෙක් සිසුන් දෙදෙනා ඇප මත මුදා හැර තිබේ.