කොළඹට පැමිණෙන සංචාරකයන් දින 02 ක් හෝ කොළඹ නගරයේ රඳවා ගැනීමට නොහැකි වී ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
කොළඹ නගරාධිපති නිල නිවසේ අද (01දා) දහවල් පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සංචාරක පිරිස් කොළඹ නගරයේ රඳවා ගැනීමේ අභියෝගයක් තිබෙන බවයි.
කොළඹ නගරයේ ඒ වෙනුවෙන් ඇති පෞරාණික ගොඩනැගිලි අලුත්වැඩියා කරන්නැයි නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාට දැනුම් දුන් බවද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.