සංචාරක වීසා මත පැමිණ ඕමානයේ රැකියාවල නිරතවීම සම්බන්ධයෙන් සොයා බලන බව ඕමාන මිනිස්බල අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් නසාර් බින් අබ්දුල්ලා අල් බක්රි මහාතා පැවැසූ බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය කියයි.
විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මියගේ ඕමාන සංචාරය අතර තුළදී පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී මෙම කරුණ අමාත්‍යවරයා විසින් සඳහන් කර ඇත.
සංචාරක වීසා මගින් පැමිණ රැකියා කිරීම හේතුවෙන් ගැටළු ගණනාවක් පවතින බවත්, එතුළින් ඕමානයේ නීත්‍යානුකූල රැකියාවල නිරතවන ශ්‍රමිකයින්ට පවා ගැටළු ඇතිවූ බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.